Link List

Wednesday, June 17

ගෙට පැන කාන්තාවන් නිදියන හැටි බලා මහ රෑ ඇඟ අතපතගාන තලංගල්ලේ අනංගයා

රාත්‍රි කාලයේ ගෙවල්වලට පැන කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය 13 වනදා පාන්දර 3ට පමණ ඔහු මෙලෙස තලංගල්ල ප්‍රදේශයේ නිවාස පහකට පමණ  ඇතුළුවී ඇති බවට තොරතුරු වාර්තා වේ. පසුව අලුයමේම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැසී ප්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා ඔහුව හිනිඳුම පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.

දෙල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම තරුණයාගේ වයස අවුරුදු විසිතුනක් පමණ වේ. වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ, දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප්‍රදේශයේ නැවතී සිට ඇති බවට සොයාගෙන ඇත.

අනතුරුව මධ්‍යම රාත්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට දින 14ක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

No comments:

Post a Comment