
අතුරුදන් බවට සැක පළවූ අර්ජුන් ඇලෝසියස් මහතා අද උදේ 8.30 ට පමණ නීතීඥවරු සමග කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඔහුට කොමිසමේ පෙනී සිටින ලෙස නිකුත් කළ නොතීසි භාර දීමට නොහැකිවූ නිසා ඔහු අතුරුදන් බවට සැක පළවී තිබුණි.
ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් 
ඇලෝසියස් ගැන මේ වනවිට තොරතුරු නැතැයි ජනාධිපති කොමිසම වෙත අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ යසන්ත කෝඳාගොඩ මහතා ඊයේ දැනුම්දී තිබේ. ඇලෝසියස් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බැඳුම්කර කොමිසමේ නිලධාරීන් උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ඔහු දන්වා ඇත.
ඇලෝසියස්ගේ කාර්යාලයට හා නිවසට ගියත් ඔහුව සම්බන්ධ කර ගැනීමට බැරිව ඇත.ඒ අනුව ඔහුව කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි කොමිසම විසින් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතාට පැවැසීය.අර්ජුන ඇලෝසියස් මහතාට එළැඹෙන සදුදා (11) කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.ඔහු විදේශයකට පළාගියේද යන සැකය මතුව ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ
Copyright ©  Hamatiya Lanka . All rights reserved.
Blogger template created by  Templates Block  in collaboration with  Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange  and supported by Web Hosting Geeks






 
 
 


 
 
 
.jpg) 
 
 
 
 
0 comments:
Post a Comment