මාතෘත්වය මෙතරම් උත්තම ස්ථානයකට ඔසවා තබන්නට මූලික වන එක් හේතුවක් නම් දරුවකු බිහිවන අවස්ථාවේදී මවක් විසින් දරාගන්නා අසීමිත වේදනාවය. එම වේදනාවට සමකලහැකි වේදනාවක් නොමැති බවද, මවකට හැර මිහිපිට කිසිවෙකුට එවැනි වේදනාවක් දරාගත නොහැකි බවද සත්‍යය ලෙස අදහන්නන් ලෝකයේ ඕනෑම සංස්කෘතියක සුලබය.
නමුත් බ්‍රිතාන්‍ය ජාතික ටොම් මිචේල්සන්ට අවශ්‍යය වූයේ එම සත්‍යය ප්‍රයෝගිකව අත්හදා බලන්නටය, ඔහුගේ තර්කය වුයේ "ඔතරම් අපහසු නම් ඇයි හැම කාන්තාවක්ම මවක් වෙන්න කැමති" කියාය.
බිරිඳ ජෙනිගෙන්ද උපකාර ලැබුණි. අවසානයේ එවැනි වේදනාවක් කෘතිමව ශරීරයේ ඇතිකරවන්නට සමත් උපකරණයක් සොයාගන්නට ඔවුන් සමත් විය.දරු ප්‍රසුති 2000ක් සාර්ථකව අවසන් කල වින්නඹු කාන්තාවක්ද තාක්ෂණ නිලධාරින්ද ව්‍යාපෘතියට සම්බන්දකරගත් ඔවුන් හෝටල් කාමරයක් තුල විලිරුදාව අත්හදා බලන්නට සියල්ල සුදානම් කළහ. ගැබිණි කාන්තාවක් සේම සයනයේ වැතිරගත් ටොම්ගේ උදරයට උපකරණයේ ඉලෙක්ට්‍රොඩ 4ක් සම්බන්ධ කල අතර ටිකෙන් ටික විද්‍යුතය ලබාදීම සිදුකළේය.විලිරුදාව සම්බන්ධව තමා සිතු සියල්ල වෙනස් බව ටොම් මිචේල්සන්ට තේරුම් යනවිට ප්‍රමාද වැඩිය. පැයකට අධික කාලයක් සිදුකල පරීක්ෂණය විලිරුදාව නම් මෙය යැයි 'ටොම්' ට හොඳින් කියා දී තිබුණි.
ඔබේ අදහස් පහතින් දක්වන්න
Copyright ©  Hamatiya Lanka . All rights reserved.
Blogger template created by  Templates Block  in collaboration with  Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange  and supported by Web Hosting Geeks






 
 
 


 
 
 
.jpg) 
 
 
 
 








0 comments:
Post a Comment