Sinhala Edition English Edition Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Photography

Ads spot

Social

Recent

Comments

Beauty

Ads spot

About Us

අතේ ඇගිලි හෙළි කරන ජීවන රහස්‌ - ඔබ නොදත් විස්මිත කරුණු ඔබටම බලාගත හැක



සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව අත්ල පරීක්‍ෂා කිරීමේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීම වගේම අත්ලේ පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇගිලි පහ එකකට එකක්‌ සමාන නොවන්නා සේම එක්‌ එක්‌ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතැගිලිවල ස්‌වභාවය හා ප්‍රමාණයන්ද සමාන නොවේ. එමගින් ඔවුන්ගේ ජීවන රහස්‌ බොහෝ දුරට හෙළි කර ගත හැකිය.

මහපට ඇගිල්ල

ඇගිලි අතරින් සුවිශේෂ ස්‌ථානයක්‌ මහපට ඇගිල්ලට හිමිවේ. සිකුරු මණ්‌ඩලයෙන් ආරම්භ වෙන සිකුරු ග්‍රහයාට අයත් යෑයි සැළකෙන මහපට ඇගිල්ල සාමුද්‍රික ශාස්‌ත්‍රයේ විශේෂ අවධානයක්‌ යොමු කර ඇත. දැඩි ආත්ම ශක්‌තියකින් යුතු කුමන ප්‍රශ්නයක්‌ හමුවේ වුවද නොසැලෙන භාරගත් කාර්යය මනාව ඉටු කරන පුද්ගලයින්ට පහසුවෙන් නොනැමෙන මහපට ඇගිල්ලක්‌ පිහිටයි. ඇතැම් අයට අත්ලට සමාන නොවන තරමේ කුඩා මහපටැගිලි පිහිටයි. ඔවුන්ගේ කටයුතු ක්‍රමානුකූල නොවේ අවුල් සහිතයි. අලස ගතියෙන් යුත් ඔවුන් ආහාරයට ගිජු වූ රාගාධිකවූවෝද වෙති. අත්ලට සමාන නොවන තරම් විශාල මාපටැගිලි ඇති අය උසස්‌ සිතිවිලි සහිත වූ ඥානයෙන් මෙන්ම බලයෙන් යුතු බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය වෙති. නිය සහිත මුදුන් පුරුකෙන් අධිෂ්ඨාන ශක්‌තිය. නොපසුබට උත්සාහය, ආත්ම විශ්වාශයද දෙවන (මැද) පුරුකෙන් ඥාන ශක්‌තිය, විචාර බුද්ධිය, තීරණ ගැනීමේ ශක්‌තියද, සිකුරු මණ්‌ඩලය ලෙසද සැලකෙන තුන් වන (මුල) පුරුකෙන් ආලය, රාගාධික පැවතුම් ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව හා අනුකම්පාවද ප්‍රකට කෙරේ. වංචා සහගත ප්‍රෝඩාකාරී සිතිවිලි හා ක්‍රියාවන් ඇතිව ජීවත් වන අයගේ මහපට ඇගිල්ලේ මුදුන් පුරුක අනෙක්‌ පුරුක්‌වලට වඩා කුඩාවට පිහිටයි. යම්කිසි කරුණක්‌ ගැන සාධාර”ය ලෙස තීරණයක්‌ ගන්නා අයගේ මාපට`ගිල්ලේ දෙවන පුරුක අනික්‌ පුරුක්‌වලට වඩා දික්‌ව පිහිටයි.



දබරැගිල්ල

මම උගතා යෑයි උදම් අනන පුද්ගලයාගේ දබර ඇගිල්ල දිගින් මැදගිල්ලට සමානව පිහිටයි. එසේම හේ විනෝදයට වඩා ප්‍රිය කරයි. ගුරු ග්‍රහයාට හිමි දබරගිල්ල ශක්‌තිය, බලය, ධෛර්ය, භක්‌තිය ආදී ගුණාංගයන්ගේ මූර්තියක්‌ ලෙස සලකනු ලබයි. දබර`ගිල්ලේ නිය සහිත පුරුක මනාව වැඩී ඇත්නම් චිත්ත ශක්‌තිය බලය ආධිපත්‍යය ආදී ගුණාංග මනාව පිහිටයි. හැම අවස්‌ථාවකදීම කතාවෙන් නොව ක්‍රියාවෙන් තම දක්‍ෂකම් පෙන්වන පුද්ගලයාගේ මෙම ඇගිල්ල කුඩාවට පිහිටයි. දබරගිල්ල මැද`ගිල්ලට වැඩියෙන් හෝ ඒතරම්ම හෝ දික්‌වුවහොත් උසස්‌ වීමේ අධික ආශාව ඇත්තෙකුවේ. එය දික්‌ව තිබීම අන් අය පාලනය කිරීමට ඇති දැඩි ආශාව පෙන්නුම් කරයි. එය වෙදගිල්ලට වඩා දිග නම් අහංකාරගතිය. තමන් උසස්‌ කොට බලයට ඇලුම් කිරීම හා උසස්‌ වීමේ ආශාවද ඇත්තෙකුවේ. දබර ගිල්ල දික්‌ව උල්තුඩක්‌ සහිත වී නම් ආගමික කටයුතුවලට ඇලුම් කරයි. දබරගිල්ලේ අල්ලට සමීපව පිහිටි පුරුක අනෙක්‌ පුරුක්‌ දෙකට වඩා මනාකොට පිහිටා ඇත්තේ නම් ඉඳුරන් පිනවීමේ බලවත් ආශාව ඇත්තෙකු වේ. අන්‍යයන් අතර කැපී පෙනෙන්නට උත්සාහ ගන්නා ඔවුන් ධනයත් බලයත් ඇත්තෙකු වෙයි.

මැදගිල්ල

සෙනසුරු ග්‍රහයාගේ ගුණයන් වන ස්‌ථානෝචිත බව, ඉවසීම, චිත්ත ශක්‌තිය ආදී ලක්‍ෂණ මැදගිල්ල තුළින් මූර්තිමත් කෙරේ. එමෙන්ම එම අයගේ ඥානය, අධ්‍යාපනය, ආගම දහම කෙරෙහි ඇති විශ්වාසය දන්වන්නේ මැදගිල්ලෙනි. එම ඇගිල්ලේ නිය පිහිටා ඇති පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිගින් වැඩි නම් එම පුද්ගලයා තද මසුරු කමින් පිරුණ අයෙක්‌ විය හැක. එසේම ඊර්ෂ්‍යාවෙන් කුහකකමෙන් පිරුණ අයෙක්‌ වෙයි. සාමුද්‍රික ශාස්‌ත්‍රයට අනුව දෙවෙනි පුරුක අනිත් පුරුක්‌ දෙකට වඩා දිග නම් සුභදායකය. එබඳු අයට වැවිලි කර්මාන්ත වගා කටයුතු හා සත්ත්ව පාලන කටයුතුවලින් ඉතා දියුණු තත්ත්වයකට පත්විය හැක. මැද පුරුකේ කොඩියක සලකුණක්‌ පිහිටා ඇත්නම් ලොතරැයි ජයවැනි හදිසි ධනලාභ හිමිවෙන බව සඳහන්ය. මැද ඇගිල්ලේ සෘජුව විහිදුනු රේඛාවක්‌ දර්ශනය වේ නම් හෝ හැමවිටම ජයග්‍රහණ ලබයි. ධනය මහත් සේ හිමිකර ගන්නා උතුම් කෙනෙකු වෙයි. යහපත් මානසික තත්ත්වයකින් යුතු කාරුණික අයෙක්‌ විය යුතුය. මැදගිල්ල අනිත් ඇගිලිවලට වඩා කොට නම් එම පුද්ගලයා මිනීමරු සාහසික අයෙකු වීමට බොහෝ විට ඉඩ ඇත. මැද ඇගිල්ලේ තුඩු හතරැස්‌ ආකාරවීම සුභය. ආත්ම ශක්‌තිය යොදවා යහපත් තීරණ ගැනීමට ඔවුන් තුළ උපන් හපන්කමක්‌ ඇත.

වෙද ඇගිල්ල

විචාර බුද්ධිය, කලාකාමිත්වය, ජයග්‍රහණය, කරුණාව, ගෞරවය ආදී ගුණාංග වෙද ඇගිල්ල තුළින් සංකේතවත් කරයි. වෙදගිල්ල, දබරගිල්ල තරමටම දිගු වුවහොත් අධික ආශා ඇත්තෙකු වෙයි. හදිසි ධනලාභ ලොතරැයි ආදියෙන් ජයගැනීමට උනන්දුවක්‌ දක්‌වන අයෙකු එමගින් පෙන්නුම් කරයි. වෙදගිල්ල මැදගිල්ල තරමටම දික්‌වූවහොත් ඔහු කලබලකාරී බව නිසාම බොහෝ දේ නැති කර ගනී. මෙම ඇගිල්ල කෙටිනම් කලාකාමී අදහස්‌ නොමැති උදාසීන අයෙකු බව ප්‍රකට කරයි. එම ඇගිල්ලේ මුදුන් පුරුක උල්ව පිහිටා ඇති අයුරක්‌ දිස්‌වේ නම් ඔහු හෝ ඇය ඉගෙනීමෙහි දක්‍ෂ වන්නාසේම චිත්‍ර, නැටුම් හා කැටයම් ආදී කලා අංශයන්ගෙන් කීර්ති ප්‍රශංසා ලබන්නේය. බුද්ධියට අනුව කටයුතු කිරීමෙන් මුදල් උපයන හා ඕනෑම දෙයක්‌ ඉතා සංවිධානාත්මකව කිරීමේ දක්‍ෂතාවයක්‌ ඇති අයගේ සුලගිල්ලේ අගපුරුක වෙදගිල්ලේ අග පුරුකේ සන්ධියට සමානවේ. මෙම ඇගිල්ලේ මැද පුරුක සෙසු පුරුක්‌වලට වඩා මහත්ව පිහිටියේ නම් ආත්මාර්ථකාමී මසුරු පුද්ගලයෙකුවේ. වෙදගිල්ල දබරගිල්ල තරමටම දික්‌වීම කීර්ති ප්‍රසංසා නම්බුව, බලය, ධනය, පිළිබඳව ඇති ආශාවද අධිකවෙයි. ඇගිලි දිග ඇරිය විට වෙදගිල්ල හා සුලගිල්ල අතර පරතරයක්‌ තිබූ විට නිදහස්‌ ක්‍රියාශීලී අයෙකුවේ. ජීවිතයේ මැද භාගයේදී එම අයගේ භාග්‍යය උදාවේ.

සුලගිල්ල

සුලගිල්ලේ හැඩරුව හා පිහිටීම අනුව යමෙකුගේ ප්‍රකෘති ස්‌වභාවය, චිත්ත තත්ත්වය, ක්‍ෂණික කෝපය, කථාවෙහි දක්‍ෂතාවය, උද්යෝගය ආදී කරුණු විනිශ්චය කළ හැකිවෙයි. සුලගිල්ල වෙදගිල්ලේ නිය සහිත පුරුක ඉක්‌මයාම ඉතා ශූභ ලක්‍ෂණයකි. දික්‌වූද මනාව වැඩුනා වූද සුලගිල්ලක්‌ ඇත්තේ නම් එම අය ධනවතෙක්‌ බවට පත්වේ. දක්‍ෂ ලේඛකයෙක්‌, කථිකයෙක්‌, හෝ ධනවත් ව්‍යාපාරිකයෙක්‌ වේ. සුලගිල්ල කෙටිවූයේ නම් උපායශීලී නොවන කතාවෙහි දක්‍ෂතාවයක්‌ද නොපෙන්වයි. මානසික තත්ත්වයද දුර්වලය. සුලගිල්ලේ නිය සහිත පුරුක දික්‌ව මනා ලෙස වැය තිබීම ක්‍රියාශීලී බව ප්‍රකට කරයි. නිතර කුමන හෝ කාර්යයක යෙදෙන අතර නිකරුනේ කාලය ගත කරන්නෙකු නොවේ. චතුර ලෙස කතා කිරීමේ දක්‍ෂතා ඇති ඔවුන් අසන්නන් වසඟ කිරීමෙහි සමත්වෙයි. සුලගිල්ල වෙදගිල්ල තරමටම දික්‌වුවහොත් දාර්ශනිකයෙක්‌ හෝ ප්‍රඥාවන්තයෙක්‌ වේ. අතෙහි වෙනත් ලක්‍ෂණ අශභ නම් ප්‍රයෝග කාරයෙකි.

0 comments:

Post a Comment