Sinhala Edition English Edition Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Photography

Ads spot

Social

Recent

Comments

Beauty

Ads spot

About Us

අතවර කරන්නට ආ බස් රියදුරාගේ දිව සපා කා පැනගිය අකුරැස්සේ තරුණියගේ කතාව

පාසැල් ඇරී තනිවම නිවස බලා පැමිණෙමින් සිටි 18 හැවිරිදි සිසුවියකට බලහත්කාරකම් කිරීමට තැත්කළ බස් රියදුරෙකුට අමතක නොවෙන පාඩමක් ඉගැන්වූ තරුණියක් පිළිබඳව පුවතක් අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වනවා.

උසස් පෙළ විභාගයට සූදානමින් සිටි මෙම සිසුවියට, රියදුරා විසින් අතවර සිදුකරන්න ගොස් ඇත්තේ අතුරු මාර්ගයකදී වන අතර ඔහු පැමිණ ඇත්තේ යතුරු පැදියකිනි. පසුව මොහු තරුණිය සමීපයට පැමිණීමත් සමඟ ඇය විසින් පුද්ගලයාට කුඩයෙන් පහර කිහිපයක් එල්ල කර ඇත.

එයින් මෙල්ල නොවුණු මෙම කාමාතුරයා පසුව තරුණියට බලහත්කාරකම් කරන්න වෙරදැරූ නිසාවෙන් ඔහුගේ දිවද සපා කා කරදරයෙන් මිදී පලාගොස් ඇත. ඇයට රියදුරා විසින් බලහත්කාරකම් කරන්නට සැරසුණු බවට පොලිස් විමර්ශනවලදීද අනාවරණය වී ඇත.

එමෙන්ම රියදුරා පැමිණි මෝටර් බයිසිකලයේ අංකයද පැමිණිල්ල සමඟ ඇය පොලිසියට බාර දී ඇත. තරුණිය පොලිසියට කළ ප්‍රකාශය අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ දිව පරීක්ෂා කර බැලීමේදී එහි තුවාලයද තිබී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අකුරැස්ස හේනෙගම පදිංචි අයෙක් වන අතර ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය (15)වනදා මොහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටත් එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටත් නියෝත කර ඇත.
(under the courtesy of hirunews news web)

0 comments:

Post a Comment