 තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි කාන්තාවකගේ, පිරිමියකුගේ සහ සුදු ඇඳුමින් සැරැසුණු වයස අවුරුදු 14ක පමණ දැරියකගේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු බියට පත්ව ඇතැයි වාර්තා වේ.
තඹුත්තේගම රාජපක්ෂගම ගම්මානයෙහි කාන්තාවකගේ, පිරිමියකුගේ සහ සුදු ඇඳුමින් සැරැසුණු වයස අවුරුදු 14ක පමණ දැරියකගේ සැරිසැරීම හේතුවෙන් ගම්වාසීහු බියට පත්ව ඇතැයි වාර්තා වේ.
 මස් මාංස අනුභව නොකරන කිසිදා හොල්මන් අවතාර විස්වාස නොකරන මධ්‍යම රාත්‍රියේ පවා කුඹුරට වතුර හැරවීමට යන රාජපක්‍ෂගම පදිංචි පනස් හැවිරිදි කාන්තාවක් වන එම්.ජී. ඉන්ද්‍රාවතී මහත්මියද ඉකුත් සතියේ දිනක දහවල් කාලයේ අත්භූත රුවක් දැක බියට පත්ව තිබේ. එම සිදුවීමෙන් පසු ඇගේ දෙපා හේතුවක් නොමැතිව නිය පහර කිහිපයකින් තුවාල වී තිබෙන අතර ඇය මේ වන විට රෝගාතුරවී ආහාර පවා නොගෙන සිටින බව වාර්තා වේ. 
 ඇය ලද එම අත්දැකීම ඇය විස්තර කොට තිබුනේ මෙලෙසිනි. 
"පහුගිය දවසක් මහ දවල් මම කුඹුරට වතුර හරවන්න ගියා. එකපාරටම වෙල් යාය මැද ගැහැනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි කුඩා දරුවෙකුයි මතු වුණා. තත්ත්පර දෙක තුනකින් එ් තුන්දෙනා නොපෙනී ගියා. මම වටපිට බැලූවත් එ් අය හොයා ගන්න බැරිවුණා"
අමනුෂ්‍ය රූප දැක බියට පත්ව කිහිප දෙනකුටම ශාන්ති කර්ම සිදුකර තිබෙන අතර මේ සිදුවීම වන බව කියන රාජපක්‍ෂගම වෙල්යායකට යකැදුරන් ගෙන්වා ශාන්ති කර්මයක් සිදුකිරීමටද ගම්වාසීන් කටයුතුයොදා තිබේ.
Copyright ©  Hamatiya Lanka . All rights reserved.
Blogger template created by  Templates Block  in collaboration with  Blog and Web
Wordpress theme by N.Design Studio
Columnized by MangoOrange  and supported by Web Hosting Geeks






 

 
 


 
 
 
.jpg) 
 
 
 
 


0 comments:
Post a Comment